2023 අගෝස්තු 17, පෙ.ව. 3:10
දිවයිනට බලපා ඇති දැඩි හිරු රශ්මිය හේතුවෙන් සම ආරක්ෂා කරගැනීම අතිශය වැදගත් බවත් දැඩි හිරු රශ්මිය හේතුවෙන් සමට විවිධාකාර බලපෑම් ඇතිවන බවද චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ සදහන් කළා.
එනිසා හිරු රශ්මියෙන් සම ආරක්ෂාව කර ගැනීමට විවිධ ආලේපන වර්ග ගැල්වීම ඇතුළු ආරක්ෂක ක්‍රම මේ දිනවල අනුගමනය කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ සදහන් කර සිටියා.
විශේෂයෙන් දැඩි හිරු රශ්මිය පවතින 10.00 – 2.00 ත් කාලසීමාව තුළ හිරු එළියට මුහුණ දීමෙන් වැළකී සිටින ලෙසත් නිවසින් එළියට යනවා නම් හිරු එළියෙන් ආරක්ෂා වෙන ආකාරයට තොප්පියක්, කුඩයක් භාවිතා කරන ලෙසද විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළා.
තවද කුඩා දරුවන් දැඩි හිරු රශ්මියෙන් ආරක්ෂා කිරීම අනිවාර්යය බවත් හිරු රශ්මිය වැඩි අවස්ථාවන්වල සෙල්ලම් කිරීමට ඉඩ නොදෙන ලෙසත් කුඩා දරුවන් හිස් වැසුමි, සන් ක්‍රීම් භාවිතා කිරීම ඉතා හොද බවද විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 11:12
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:34
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:28
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:25
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:21