hit counter

2026 ජනවාරි මස 09 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 30, ප.ව. 7:12



දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් වෙත නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන මෙලෙස දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය, වලල්ලාවිට, බුලත්සිංහල හා අගලවත්ත, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය, මුලටියන, පිටබැද්දර, කොටපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම, ඇහැලියගොඩ, රත්නපුර, කුරුවිට, පැල්මඩුල්ල, නිවිතිගල, කිරිඇල්ල, ඇලපාත, ඉඹුල්පේ, කොලොන්න යන ප්‍රදේශවලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල, කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත යන ප්‍රදේශවලටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර ඇති බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: