2023 දෙසැම්බර් 04, පෙ.ව. 12:00
නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, ඊයේ (03) පැය 0530 වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී උතුරු අක්ෂාංශ 11.4° සහ නැගෙනහිර දේශාංශ 82.5° ආසන්න ප්‍රදේශයේ, යාපනයේ සිට කි.මි. 325 ක් පමණ ඊසාන දෙසින් පැවතුන බවත් මෙම සුළි කුණාටුව “මිජවුම්” (MICHAUNG) ලෙස නම් කර ඇති අතර එය ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් වයඹ දෙසට ගමන් කරමින් උතුරු තමිල්නාඩුව දෙසට ගොස් පසුව උතුරු දෙසට ගමන් කර 2023 දෙසැම්බර් 05 දින වන විට දකුණු අන්ද්‍රා ප්‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවද එහි දැක්වෙනවා.
සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙනවා.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
2025 මැයි 25, ප.ව. 1:51
2025 මැයි 25, ප.ව. 1:46
2025 මැයි 25, ප.ව. 1:04
2025 මැයි 25, පෙ.ව. 12:13
2025 මැයි 25, පෙ.ව. 12:09
25-05-25
25-05-25
24-05-25
24-05-25
23-05-25
23-05-25
22-05-25
22-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
18-05-25
18-05-25
17-05-25
17-05-25
16-05-25
16-05-25