hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 05, පෙ.ව. 4:13



උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.