hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2022 දෙසැම්‍බර් 11, පෙ.ව. 5:03



උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

වයඹපළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන් වෙනවා.

බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි වෙනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.