hit counter

2026 අප්‍රේල් මස 01 වන බදාදා

2026 අප්‍රේල් 01, පෙ.ව. 12:00



අප්‍රේල් මස 2 වෙනිදා සිට දිවයිනේ පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරේ.

දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වයද තවදුරටත් පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: