2023 ජනවාරි 01, පෙ.ව. 4:37
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ද ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් පවතින බව සඳහන්.
දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර (20-30) පමණ වනවා.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර (40-50) පමණ වැඩිවිය හැකි බවයි.
මීට අමතරව මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වාත්ල මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
2025 මැයි 09, පෙ.ව. 10:44
2025 මැයි 09, පෙ.ව. 12:27
2025 මැයි 09, පෙ.ව. 12:25
2025 මැයි 09, පෙ.ව. 12:23
2025 මැයි 09, පෙ.ව. 12:23