hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2025 මැයි 10, ප.ව. 8:29



තායිලන්තයේ බැංකොක් නුවරදී විසිවෙනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය සැමරීම සිදු කරනු ලැබීය.

තායිලන්තයේ බැංකොක් නුවර එක්සත් ජාතීන්ගේ සම්මන්ත්‍රණ ශාලාවේදී තායිලන්ත අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ආරම්භ වූ අතර ලොව පුරා රටවල් රාශියක් නියෝජනය කරමින් මේ මේ සඳහා භික්ෂූන් වහන්සේ මෙන්ම විද්වතුන් හා වෘත්තිකයන් ද සම්බන්ධව සිටින මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ධූරදරන්දර නියම්ගොඩ විජිත සිරි අනු නාහිමි,රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අකුරටියේ නන්ද හිමි,මහාචාර්ය වල්මෝරුවේ පියරතන නායක හිමි,ස්වර්ණවාහිනී ආගමික අංශ ප්‍රදානය තරංග වික්‍රමාන්තර ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයට සම්බන්ධ වින.

2004 වසරේ දී ආරම්භ කළ මෙම එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම 2017 වර්ෂයේදී ශ්‍රී ලංකාවේදී සිදු කරන ලදී.මෙවර විසි වන සැමරුම වෙනුවෙන් රටවල් පනස් තුනක් නියෝජනය කරමින් විවිධ සම්ප්‍රදායන්,සංස්කෘතීන් අනුගමනය කරන භික්ෂූන් වහන්සේ විද්වතුන් ඇතුළු විශාල පිරිසක් මෙම වෙසක් සැමරුමට සම්බන්ධව සිටිනු දක්නට ලැබුනි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනු නායක නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් සැමරුම් ආමන්ත්‍රණය කළ අතර මෙහිදී විශේෂයෙන්ම සඳහනක් කරමින් මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිත සිරි නාහිමියන් විසින් බෞද්ධ උරුමයක් සහිත පාකිස්ථානයෙන් හා බුදුන්ගේ දේශය වූ ඉන්දියාවෙන් ඉල්ලා සිටියේ යුද්ධ ඇති ඇති කර නොගෙන බුදුන් දෙසූ අයුරින් කටයුතු කරන ලෙසයි.

ප්‍රංශය වෙනුවෙන් ආචාර්ය පූජ්‍ය තම්පලාවෙල ධම්මරතන නාහිමියන් තායිලන්තය වෙනුවෙන් මහාචාර්ය ප්‍රා බ්‍රාහ්මපන්ඩිත් හිමියන් සමුළුව ඇමතූ අතර එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව අමතන ලදී.