hit counter

2025 සැප්‍තැම්‍බර් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 18, ප.ව. 2:59



පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් රටපුරා බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ අරමුණින් මෙවර වෙසක් උත්සවය සැමරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සඳහා ජාතික තලයේ මෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ ආයතන සමග ද ඒකාබද්ධ වෙමින් කටයුතු කරන බවයි එම වැඩසටහන පිළිබඳව පැහැදිලි කළ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡාක් හලාවත කරවිටාගාර ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේදී පත්තඩුවන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අති පූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී අනුනාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පෙරේදා (16) පැවැත්වුණා.

වෙසක් පුර්ව වැඩසටහන් වෙසක් සතිය තුළ ක්‍රියාත්මක රාජ්‍ය වෙසක් උත්සවය හා වෙසක් පෝය දින වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව සඳහන්.