2023 මැයි 08, පෙ.ව. 8:08
            
ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ දී මෙම පද්දතිය අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි කුණාටුවක් දක්වාත් වර්ධනය වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
උතුරු අක්ෂාංශ 5ත් 10ත් නැගෙනහිර දේශංශ 90 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40 -50 පමණ වන අතර විටින් විට එය පැයට කිලෝ මීටර් 60 දක්වා ඉහළ යනු ඇති.
උතුරු අක්ෂාංශ 01ත් 04ත් සහ නැගෙනහිර දේශංශ 85 සහ 92 ත් අතර පවතින සුළං අභිසාරි කලාපය හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 50 – 60 පමණ වන අතර විටින් විට එය පැයට කිලෝමීටර් 70ව දක්වා වැඩි විය හැකි බව ද අනතුරු අඟවනවා.
ඉහත කී ප්‍රදේශවල මුහුද ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
උතුරු අක්ෂාංශ 5ත් 10ත් නැගෙනහිර දේශාංශ 90 සහ 100 අතර සහ උතුරු අංකෂාංශ 01ත 04ත් නැගෙනහිර දේශාංශ 85 සහ 92 ත් අතර මුහුදු ප්‍රදේශවලට ඉදිරි කාලයේ යාත්‍රා නොකරන ලෙස නාවික ප්‍රජාවට සහ ධීවරයනට දැනුම් දෙනවා.
දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස දන්වා සිටිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවදානය යොමු කරන ලෙස ද ධිවරයන්ගෙන් සහා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07