hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2025 ජනවාරි 03, පෙ.ව. 12:01



කම්කරු අමාත්‍යාංශයෙන්, කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා  නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.

කම්කරු අමාත්‍යාංශය පවසන්නේ, තම සේවාවන් කාර්යක්ෂම කිරීමේ අරමුණින් සහ මහජනතාවට ද ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා 0707 22 78 77 යන මෙම නව whatsApp අංකය හඳුන්වා දුන් බවයි.

කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් ජනතාව අපේක්ෂා කරනු ලබන සහන සහ මැදිහත්වීම් කඩිනමින් සිදුකිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

එමෙන්ම කම්කරු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වන්නේ, පෞද්ගලික සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගේ සේවා ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීමත් මෙම නව whatsApp අංකය හඳුන්වා දීමේ තවත් එක් අරමුණක් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: