hit counter

2025 ඔක්‍තෝබර් මස 28 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:12



පාතාල නාය­ක­යන්ට දෙන එස්.ටී.එෆ්. ආර­ක්ෂාව මහ­ජන නියෝ­ජි­ත­යන්ට දෙන්න රජ­යට නොහැකි වීම කන­ගා­ටු­වට කරු­ණක් යැයි ගාල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී විජේ­පාල හෙට්ටි­ආ­රච්චි මහතා පැව­සීය.

හිටපු මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සුවේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමු­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා මෙසේ ද කීවේය.

“වත්මන් රජ­යට පොරොන්දු වූ ආකා­ර­යට ජන­තා­වට සේවය කරන්න බැරි වුණාම විරුද්ධ පක්ෂ­ව­ලට නොයෙ­කුත් චෝදනා එල්ල කර­මින් මඩ ගහ­නවා. ඇතැම් ඇමැ­ති­ව­රුන් බොරු ප්‍රකාශ නිකුත් කර ඒවා නිවැ­රදි කරන්න නාට්‍ය ආකා­ර­යෙන් රඟ­පෑම් කර­නවා.

පසු­ගිය කාල­යේදී රට වටින් කුඩු ඇල්ලුවා කියලා පම්පෝරි ගැහුවා. මීට පෙර තිබූ කිසිම ආණ්ඩු­ව­කින් රටට මේ තරම් කුඩු සහ මත්ද්‍රව්‍ය ගේන්න ඉඩ දුන්නේ නෑ. මේ ආණ්ඩු­වෙන් පරීක්ෂා නොකර නිකුත් කළ කන්ටේ­න­ර්වල මේ කුඩු මත්ද්‍රව්‍ය ආවා කිය­ලයි ජන­තාව විශ්වාස කරන්නේ. පසු­ගිය කාලයේ අයිස් නමැති මත්ද්‍රව්‍ය නිප­ද­වන කම්හ­ලක් නුව­ර­එ­ළි­යෙන් සොයා ගත්තා කියලා කෑගැ­හුවා. අද වන විට ඒ ගැන හෝඩු­වා­ව­ක්වත් නෑ.

කිලෝ ගණන් අල්ලන කුඩු උසා­වි­යට ඉදි­රි­පත් කරන්න කියලා විනි­ශ්ච­ය­කා­ර­ව­රුන් පවා කිය­නවා. මේ අල්ලන මත්ද්‍රව්‍ය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් නොකර නැව­තත් ජාවා­ර­ම්ක­රු­වන් අතට යන­වාද කියලා සැක­යක් තිබෙ­නවා. ආණ්ඩුව ශක්ති­මත් නම් දින­පතා සිදු වන මිනී­මැ­රුම් නවතා වැඩ පෙන්වන්න කියලා ඉල්ලා සිටි­නවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: