hit counter

2025 ඔක්‍තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:08



මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ තමන්ම බැඳුම්කර සහ බැංකු පොළී අනුපාතය තීරණය කරමින් කෙටි කාලීන බැඳුම්කර මිලට ගනිමින් අතිශය අසාධාරණ අයුතු ලාභයක් උපයමින් ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරංවශ චෝදනා කරයි.

එමගින් මේ රටේ ආර්ථිකය ගොඩගනු ඇතැයි ජනතාව පරම විශ්වාසය තැබූ පුද්ගලයා අද එම විශ්වාසය මත වසුරු හෙළා ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

මහ බැංකු අධිපතිවරයා 2022 මැයි 04 වෙනි දින සිට 2025 මාර්තු 18 දක්වා කාලය තුළ අවස්ථා 4කදී රුපියල් මිලියන 50ක් පමණ බැඳුම්කරවල අයෝජනය කර ඇති බව ද විමල් වීරවංශ සඳහන්කරයි.

ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මහ බැංකුවේ තමන්ම වැටුප් ඉහළ නංවාගෙන සුපිරි වැටුපක් ලබන අතර තමන්ම තීරණය කරන පොළී අනුපාත මත එම මුදල් බැඳුම්කරවල ආයෝජනය කරමින් බැඳයාවන් අතර ගැටුමක් නිර්මාණය කර ඇති බවයි.

මෙම නින්දිත ගනුදෙනුව පදනම් කරගෙන ආණ්ඩුව මොහු ඉවත් කළ යුතු බවත් ලැජ්ජාවක් ගෑවිලාවත් ඇත්නම් ඔහු ඉල්ලා අස්විය යුතු බවත් නොඑසේ නම් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තමන් සූදානම් බවත් විමල් වීරවංශ අවධාරණය කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: