2025 ජනවාරි 01, පෙ.ව. 12:06
ළමා ඉතුරුම් ගිණුම්වලිනුත් සියයට 10ක පොළිය මත රඳවාගැනීමේ බද්ද අය කෙරෙනවා. අවුරුදු 18 ට අඩු ළමුන්ගේ ගිණුම්වලින් මෙය අය නොකර සිටීමට රජය යම් ක්‍රියාමාර්ගයක් ගන්නවාද?
මේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී නැගුණු ප්රශ්නයකි.
ඊට පිළිතුරු ලබාදෙමින් කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද ජයතිස්ස සඳහන් කළේ, ආදාළ ගිණුම් හිමි දරුවාගේ ගිණුමේ පොළිය මාසිකව රුපියල් ලක්ෂ එකහමාරකට අඩු නම්, එම ගිණුමින් රඳවාගැනීමේ බද්ද අයනොකරන බවයි.
”ළමයගේ මාසික ආදායම රුපියල් ලක්ෂ එකහමාරට වඩා අඩුයි නම් ඒක වෙන්නේ නැහැ. මාසික ආදායම රුපියල් ලක්ෂ එකහමාර ඉක්මවන අයගෙන් තමයි මේ බදු අයකිරීම සිදුකරන්නේ. එම මාසික ආදායම ඇතුලේ මේ ලක්ෂ එකහමාරක පොලී මුදල තිබෙනවා නම් පමණයි මෙය සිදුවන්නේ.” යනුවෙන් අමාත්‍යවරයා එහිදී පැවසුවේය.
එහිදී ජනමාධ්‍යවේදියා යළිත් කියාසිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී මුදල් නියෝජ්‍ය ඇමතිවරයා සහභාගී වූ ජනමාධ්‍ය හමුවකදී මෙම බද්ද සියලුදෙනාගෙන්ම අයකරන බව පිළිගත් බවත්, අදාළ සීමාවට අඩුවෙන් පොළිය ගණනය වන ගිණුම්වලින් එලෙස අයකරන බදු මුදල් ආපසු ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවට ගොස් ඒ බව ඔප්පු කළ යුතු බවත්, ඉන් අනතුරුව පමණක් මුදල් ලබා ගත හැකි බවත්ය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් එම මුදල් ආපසු ලබාගැනීමේදී ක්‍රමවේදයේ පවතින දුෂ්කරතා අවම කරන බවයි.
ඒ සඳහා ක්‍රමවේදයක් සකසන බවත්, මෙම බද්ද අද හෙට නොව ලබන වසරේ අප්‍රේල් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, රඳවාගැනීමේ බද්ද ජනතාවට යළි ලබාදීමේ ක්‍රමවේදය පහසු කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයේ සාකච්ඡා පැවැත්වෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
ඒ සඳහා බැංකු පද්ධතිය සමගින් සාකච්ඡා පැවැත්වෙන බැවින් ඉදිරියේදී ජනතාවට පහසුවෙන් බැංකු හරහා එම කටයුතු සිදුකර ගත හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවේය.
2025 ජනවාරි 04, පෙ.ව. 12:09
2025 ජනවාරි 04, පෙ.ව. 12:09
2025 ජනවාරි 04, පෙ.ව. 12:06
2025 ජනවාරි 04, පෙ.ව. 12:05
2025 ජනවාරි 04, පෙ.ව. 12:04
04-01-25
04-01-25
04-01-25
04-01-25
04-01-25
04-01-25
04-01-25
04-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
03-01-25
02-01-25
02-01-25
02-01-25
02-01-25