hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූලි 10, ප.ව. 4:50

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීම පිළිබඳ පෙත්සම් විභාගය අද (10) මුර්දු ප්‍රනාන්දු, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා.

මෙම සිද්ධියෙන් පීඩාවට පත් වුණු ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි ලැබී නොමැති බව සඳහන් වුණා අතර ඔවුන්ගේ වන්දි ගෙවීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියා.

පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් නියම කරනු ලැබුවේ ධීවරයින්ගේ වන්දි ගෙවීමට ඉක්මනින් පියවර ගන්නා ලෙසත් වන්දි ලබා ගැනීමට අදාළ ඉල්ලීම් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය ඇතුළු ආයතන වෙත ඉදිරිපත් කරන ලෙසත්ය.

වන්දි ගෙවීමට ගෙන ඇති පියවර සම්බන්ධ වාර්තාව සැප්තැම්බර් මස 15 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු මඬුල්ල අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කළා.

අදාළ පෙත්සම් කැඳවීම ඔක්තෝබර් 05 සහ 06 දිනවල කැඳවීමට නියම කරනු ලැබුවා.