2026 ජනවාරි 10, පෙ.ව. 12:10
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මන්ත්‍රී මහින්ද ජයසිංහ මහතා විසින් ආයතනවල රාත්‍රී සේවා මුරයට කාන්තාවන් යෙදවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංශෝධනයක් ඉදිරිපත් කර සිටියා.
ඒ අද පාර්ලිමේන්තුවේදීයි.
එහිදී ඔහු සඳහන් කළේ,
“1954 අංක 19 දරන පනත එහි නියෝග අංක තුන යටතේ පෙර සදහන් වනයේ කිසියම් නේවාසික හෝටලයක අමුත්තන් පිළිගන්වන්නියන් කාන්තා ඇඳුම් කාමර සේවිකාවන්, කාන්තා රෙදි පිළි ගබඩා සේවිකාවන් හෝ කාන්තා වැසිකිළි සේවිකාවන් වශයෙන් අවුරුදු 18 ට එළඹ සිටින කවර ස්ත්‍රියක් වුවද පෙරවරු හයේ සිට පස්වරු හයෙන් පසුව සේවයේ යෙදිය හැකියි කියලා තමයි තිබුණේ. ඒ වෙනුවට අපි අද දවස එකතු කිරීමක් කරනවා මේකට නේවාසික හෝටල්වල සේවයේ යෙදී සිටින ආහාර සහ පාන පිළිගන්වන්නියන් කියන කාන්තාවනුත් මේ විදිහටම සේවය යොදවන්න පුළුවන් කියන කරුණාව. අපිට අවශ්‍ය වෙලා තියෙනවා තවදුරටත් මේ කාන්තාවන් රාත්‍රී සේවයේ ඇතිවිය හැකි විදිහට නීති සංශෝධනය කරන්නනවා තවදුරටත් මේ කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවිය හැකි විදිහට මේ නීති සංශෝධනය කරන්න.
විශේෂයෙන්ම නේවාසික හෝටල්වල සේවයේ යෙදී සිටින ආහාර සහ පාන පිළිගන්වන්නන් කියන අයටත් මේ පහසුකම ලබා දෙන්න අවශ්‍ය සංශෝධනයක් අද දවස එකතුවෙන්නේ. හැබැයි ඒ කළ යුත්තේ ඔවුන්ට ඔවුන්ගේ සුපුරුදු වාසස්ථානය වෙත ප්‍රවාහන පහසුකම් සපයන්න ඕනේ. අතරමගදී පෙරවරු හයත් පස්වරු හයත් අතර ඔවුන්ගේ සේවය අවසන් වුණොත් ප්‍රවාහන පහසුකම් සැපයිය යුතුයි ඔවුන්ගේ සුපුරුදු නවාතැන දක්වා. අනිත් පැත්තෙන් ඔවුන්ට සුදුසු නවාතැන් පහසුකම් දෙන්න ඕන. ඒවගේම ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සුභසාධනය පිළිබඳවත් අදාළ ආයතන වග බලා ගත යුතුව තිබෙනවා” යනුවෙන්.
2026 ජනවාරි 10, පෙ.ව. 12:15
2026 ජනවාරි 10, පෙ.ව. 12:11
2026 ජනවාරි 10, පෙ.ව. 12:09
2026 ජනවාරි 10, පෙ.ව. 12:05
2026 ජනවාරි 10, පෙ.ව. 12:00
10-01-26
10-01-26
10-01-26
10-01-26
10-01-26
10-01-26
10-01-26
10-01-26
10-01-26
10-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26