2024 පෙබරවාරි 22, පෙ.ව. 8:56
දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 559 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138 ක් සමගින් මුළු සැකකරුවන් 697 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
හෙරොයින් 170g 224mg
අයිස් 113g 351 mg
ගංජා 814g 21 mg
මාවා 55 g
තූල් 65 g
මදන මෝදක 432g
ඈෂ් 3 g 522 mg
මත්පෙති 137
ගංජා පැළ 26,186
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 559 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 06 ක්, පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවන් 01 ක් සහ රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 03 ක් සිටි.
එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 138 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 12 ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 106 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 15 ක් හා ඇඟිලි සළකුණු ඔස්සේ අණාවරණය වි ඇති සැකකරුවන් 05 ක් සිටි.
2025 මැයි 12, පෙ.ව. 12:14
2025 මැයි 12, පෙ.ව. 12:13
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:10
2025 මැයි 12, පෙ.ව. 12:06