hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 අගෝස්‍තු 11, ප.ව. 3:57



පෝලන්තයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පෝලන්තයේ පොදු ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර සමීප ආර්ථික සහ රැකියා සබඳතා වර්ධනය කර ගතහැකි ජයග්‍රාහී වාතාවරණයක් අපේක්ෂා කරමින් මෙම ගවේෂණාත්මක මුලපිරීම පිළිබඳව දෙපාර්ශවයම සුභවාදී අදහස් පළකර සිටියා.

ශ්‍රී ලාංකික ශ්‍රම බලකායට ප්‍රතිලාභ ලබාදීම සඳහා පෝලන්තයේ ශ්‍රම බලකායේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවශ්‍යතා අවබෝධ කර ගැනීමට සහ ඒවාට ප්‍රවේශවීමට නානායක්කාර මහතා මෙහිදී කටයුතු කර ඇතැයි වාර්තා වෙනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: