2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 7:16
කවුදෝ හාල්පාරුවෙක් රට යන එක ගැන කැබිනට් පේපර් එකක් දමා ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කළා.
රටට ඩොලර් නොමැතියි කියා දරුවන් විකිණීමට ඉඩ නොතබන බවද ඇය කියා සිටියා.
ඒ උත්සවයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී ඇය මෙසේද අදහස් දක්වා සිටියා.
“කවුද හාල්පාරුවෙක් දාලා කැබිනට් පේපර් එකක් අවුරුදු 2ට වඩා පොඩ්ඩක් හරි වැඩි නම් අම්මා එයාට රට යන්න එපා කියලා. මම මේ ගැන අවුරුදු 5කට වැඩි නම් පමණයි රට යන්න දෙන්නේ. අපිට ඩොලර් නැහැ කිය කිය දරුවෝ විකුණන්න දෙන්න බැහැ. වහාම මේ නීතිය වෙනස් කරන්න දෙන්න ඕනේ. රිමාන්ඩ් කරලා තියෙන කාන්තාවෝ බලන්න මම ඇහුවා මොකටද වැඩිපුර කට්ටියක් ඇවිල්ලා තියෙන්නේ කියලා. එතකොට කිව්වේ අනාචාරයේ හැසිරිලා කියලා. අම්බෝ අනිත් ඔක්කොම ආචාර සම්පන්නයිනේ. මේ පොඩ්ඩක් පාරේ හිටගෙන හිටියොත් ඒ ගෑනිව කුදලගෙන ගිහිල්ලා දානවා රිමාන්ඩ් එකට.”
2025 පෙබරවාරි 26, පෙ.ව. 9:11
2025 පෙබරවාරි 14, පෙ.ව. 9:38
2025 පෙබරවාරි 13, ප.ව. 12:18
2025 පෙබරවාරි 13, ප.ව. 12:05
2025 පෙබරවාරි 13, ප.ව. 12:01