hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 ජූලි 24, පෙ.ව. 11:54



ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (IBA) සභාපති උමාර් ක්‍රෙම්ලෙව් ඇතුළු පිරිසක් පසුගියදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වුණා.

නිල සාකච්ඡා අවසානයේ සුහද කතාබහ අතරතුරේ සිය පාසල් කාලයේ ක්‍රීඩා ජීවිතය පිළිබඳව සිහිපත් කල අග්‍රාමාත්‍යවරයා “පොඩි කාලේ රෝයල් එකේදි මමත් බොක්සිං කලා”යනුවෙන් සඳහන් කළා.

ඒ කතාව ඇසු ලෝක හෙවිවේට් බොක්සිං ශූර Roy Jones JR “ඔබතුමා දැනුත් පාර්ලිමේන්තුවේ විවාදවලදි කරන්නෙ බොක්සිං ගැහිල්ලක් තමයි” යනුවෙන් කියා සිටියා.

“නැහැ.. නැහැ.. එතැනදි අපි කරන්නෙ ශැඩෝ බොක්සිං” යැයි සිනහසෙමින් පැවසුවා.

“පොඩි කාලයක් හරි ඔබතුමා බොක්සිං ක්‍රීඩාව කරලා ලබා ගත්ත විනය මේ වගේ තනතුරකට එන්න ආධාර වුනා කියලයි මම හිතන්නේ” යැයි ඒ කතාවට එක් වූ සභාපති උමාර් ක්‍රෙම්ලෙව් මහතා කියා සිටියා.

හිටපු ලෝක හෙවිවේට් බොක්සිං ශූර Roy Jones JR සහ Barna Zsolt ද මේ අවස්ථාවට එක් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: