hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූලි 03, ප.ව. 3:34



අපේ රට අවුරුදු දෙකකට කලින් ආර්ථික වශයෙන් බංකොළොත් වෙච්ච රටක්, තෙල්, ගෑස් පෝලිම් තිබුණු පැය 12කට අධික කාලයක් විදුලිය විසන්ධි කෙරුණු රටක්, එක මන්ත්‍රී ධුරයක් තියාගෙන පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවුරුදු 02කට පස්සේ රට යම් ස්ථාවර තත්ත්වයකට ගෙනැල්ලා තියෙනවා. අපි අද පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්යාලය ඉදිරිපිටට ආවේ විවේචන, වර්ජන, උද්ඝෝෂණ වලට ජනතාව පොළඹවනවා වෙනුවට රටේ වත්මන් තත්ත්වය ගැන පැහැදිලි අවබෝධයක් එහි නායකයන්ට, සාමාජිකයන්ට දෙන්න යැයි නව ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක උපතිස්ස කුමාරතුංග මහතා කියා සිටියා.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවන් වන වසන්ත මුදලිගේ, ළහිරු විරසේකර මහත්වරුන්ට විශේෂයෙන් මතක් කරලා දෙන්න කැමතියි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා උපාධීධාරීන් 55000කට රැකියා ලබාදුන්නා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 60000කට වැඩි උපාධිධාරීන් පිරිසකට රැකියා ලබාදුන්නා කියලා මතක තියාගන්න.

දිගින් දිගටම අපි දකිනවා උපාධිධාරීන් මහමඟට ගෙනැල්ලා ඔවුන්ගේ කර පිටින් තමන්ගේ දේශපාලනය කරන්න ළහිරු විරසේකරලා, වසන්ත මුදලිගේලා උත්සාහ කරනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසට මහ පුදුම ගායක් තියනවා පොඩ්ඩක් ඇත්නම් පාරට බහින්න. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත බුද්ධිමත් උපාධිධාරී සහෝදර සහෝදරියන්ටත් අපි කියන්නේ එක එක පක්ෂ වල න්‍යාය පත්‍රවලට අසුවෙලා නටන්න එපා කියලා.

අපි කියන්නේ හිතෙන හිතෙන වෙලාවට පාරට බහින්න එපා, පාරට බැහැලා රට තියෙන තත්ත්වයෙන් තවත් ආගාධයට ඇදලා දාන්න එපා. නව ජනතා පෙරමුණ කියන්නේ නව ලිබරල්වාදය ගරු කරන, සමාජ ප්‍රජාතත්ත්‍රවාදය, නිදහස් වෙළඳපොල ආර්ථික ප්‍රතිපත්තියක් ගරු කරන පක්ෂයක්. අපි ළහිරුලාට, වසන්තලාට ආරාධනා කරනවා ප්‍රතිපත්ති අරගෙන එන්න අපි ලෑස්ති විවාදයක් කරන්න.

අපි කියන්න කැමතියි 1917න් පසු රුසියාවේ සමාජවාදයත්, බොලිවීයාවේ සමාජවාදයත්, කියුබාවේ සමාජවාදයත් අද නුතන ලෝකයට ගැලපෙන්නේ නැහැ. ඒ නිසා ළහිරුලා, වසන්තලා දැන් අලුත් වෙන්න අවශ්‍යයි කියලා අපි ඔවුන්ට කියනවා. අර පරණ අරගල මානසිකත්වයෙන් ඉවත් වෙලා අළුත් ලෝකේ දකින්න ළහිරුලාට, වසන්තලාට අපි ආරාධනා කරනවා.

අපි ඔවුන්ගේ කාර්යාලයට ආවේ ඔවුන් සමග සාකච්ඡා කරන්න, නමුත් ඔවුන් ගේට්ටු වලට ඉබ්බෝ දාලා ලොක් කරගත්තා, අපි ඔවුන්ගේ කාර්යාලය ඉදිරිපිට ඉදලා අවධාරණය කරන්න කැමතියි කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත්වෙන රට ආයෙත් අමාරුවේ දාන්න අරගල, උද්ඝෝෂණ කරන්න ලෑස්ති වෙන්න එපා, යල් පැනගිය සමාජවාදයෙන් උමතු වෙලා, හණමිටි අදහස් එක්ක රට වළපල්ලට ගෙන යන වැඩපිළිවෙලවල් පැත්තකට දාලා ඇත්ත තත්ත්වය තේරුම් අරගෙන දේශපාලන කරන්නැයි අපි ඉල්ලා සිටිනවා යනුවෙන් ඔහු අදහස් දක්වා සිටියා.