2024 අප්‍රේල් 28, ප.ව. 2:48
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන තමන් දැඩි කලකිරීමකට ලක්ව ඇති බව එම පක්ෂයේ කොලඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත මහතා පවසනවා.
පක්ෂයේ ඇතැම් නායකයින් තමන් ගැන කිසිදු තැකීමක් නොකරන බවද මන්ත්‍රීවරයා කියා සිටියා.
පක්ෂය වෙනුවෙන් දිවි හිමියෙන් ක්‍රියා කලද මේ වන තෙක් පක්ෂයේ කිසිදු වගකීමක් තමන්ට පවරා නොමැති බවද මන්ත්‍රීවරයා අද පෙරවරුවේ බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේ පැවති නව සන්ධානයේ කොලඹ දිස්ත්‍රික් පෙරපාසල් ගුරුවරුන්ගේ බක්මහ උලෙළේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් පැවසුවා.
කෙසේ වෙතත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවත් ඔහු හැර වෙනත් අපේක්ෂකයෙකු පෙනෙන තෙක් මානයකවත් නොමැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියා.
නව සන්ධානයේ පෙරපාසල් සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එකව සිටියා.
2025 පෙබරවාරි 05, පෙ.ව. 10:45
2025 ජනවාරි 31, පෙ.ව. 8:04
2025 ජනවාරි 21, ප.ව. 4:56
2025 ජනවාරි 09, ප.ව. 3:22
2025 ජනවාරි 08, ප.ව. 1:53
05-02-25
05-02-25
03-02-25
03-02-25
01-02-25
01-02-25
31-01-25
31-01-25
30-01-25
30-01-25
28-01-25
28-01-25
27-01-25
27-01-25
26-01-25
26-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25
25-01-25