2023 දෙසැම්‍බර් 16, පෙ.ව. 6:37
නව සන්ධානයේ මැති ඇමතිවරුන් අයවැය සම්මතවීමෙන් අනතුරුව මන්ත්‍රී භෝජනාගාරයේ ආගිය තොරතුරු කතා බහ කරමින් සිටියේ කෝපි කෝප්පයක රස බලමින්.
මහින්ද අමරවීර,නලින් ප්‍රනාන්දු,ලසන්ත අලගියවන්න,අනුර යාපා,නිමල් ලන්සා,දුමින්ද දිසානායක,චන්න ජයසුමන ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
“දැන් සජිත් කියන්න ගනී,අයවැයේ ඡන්ද ගාණ 122 ට අඩුවෙලා කියලා”මහින්ද අමරවීර කතාවට මුල පුරන්නට වුණා.
“ඔව් ඒකනම් ඇත්ත,හැබැයි ඉතින් බැරිවෙලාවත් රහස් ඡන්දයක් තිබ්බනං සජිත්ට බලාගන්න තිබ්බා ඇත්ත ගාන,එහෙම උනානං මේ ගාන 134ක් විතර වෙනවා,මාත් එක්ක සජබ කීපදෙනෙක්ම කතාකලානේ “නිමල් ලන්සා සිනාසෙමින් කිවේ සජබ ගැන කලකිරුණු මන්ත්‍රීවරුන් පිරිසක් සමග සිදුකළ කතාබහක්ද සිහිපත්කරමින්.
“මේ වෙලාවේ සජිත් හොඳටම පිස්සු කෙලිනවා කියල සජබේ මන්ත්‍රීවරු දන්නවා,හැබැයි ඉතින් ඡන්දයක් ළඟ පාත නැති නිසා කරන්න දෙයක් නෑනේ ,එතනම ඉන්නවා,ඡන්දයක් ආවම බලාගන්න පුළුවන් ඇත්තටම සජිත් ළඟ ඉන්නේ කවුද කියල”දුමින්ද දිසානායක කිව්වා.
“විපක්ෂයේ අය ඉන්නේ ඔතන කොහොමත් සතුටින් නෙමෙයි එහෙම බැලුවොත් ඇත්තටම සජිත් ළඟ ඉන්නේ සජිත් විතරමයි”ලන්සා සිනාසෙමින් එහෙම කියල.
“රටේ ආර්ථිකය දැන් හොඳ මට්ටමක තියනවා,ඉස්සරහට මේක තවත් හොඳ මට්ටමකට අවොත් විපක්ෂෙට සටන් පාට නැති වෙනවනේ”අලගියවන්න ඇමතිවරයා කිව්වා.
“විපක්ෂයට දැනටමත් සටන් පාට නැතිවෙලා තමයි තියෙන්නේ”අනුර යාපා කියල තියනවා.
“ඔව් ඔව් ඒක නිසා තමයි සජබ කට්ටිය දැන් පාරවල් වල උද්ගෝෂණවලට එන්නේ නැත්තේ”චන්න ජයසුමන මන්ත්‍රීවරයා කිව්වා.
“ඇවිල්ල මොනවා කියන්නද,ඇත්ත කතාව මේ කට්ටිය මිනිස්සුන්ට එන්න කිව්වට මිනිස්සු එන්නේ නෑ”නලින් ප්‍රනාන්දු කියල.
“ජනතාවට උනත් තේරෙනවනේ අවුරුදු එක හමාරකට කලින් රට කොහොමද තිබ්බේ කියල,දැන් අයි.එම.එෆ් දෙවන වරියකය ලැබෙනවා,ආසියානු සංවර්ධන බැංකුව,ලෝක බැංකුවේ උදව් ලැබෙනවා රට හැදෙනකොට මුන්ට ඊරිසියයි එකනේ මේ වෙලා තියෙන්නේ”නිමල් ලන්සා කිවේ විපක්ෂයේ දේශපාලන රටාව ගැන දැඩි විවේචනයක් කරමින්.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18