2022 ජූලි 25, පෙ.ව. 12:02
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව වාර්තාවනවා.
ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කටයුතු කිරිමට නියමිතයි.
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් සහ දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සාධනීය වගන්ති ඇතුළත් කරමින් සැකසුණු විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අනිද්දා (27) බදාදා ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
මේ අනුව එම පනත් කෙටුම්පත පළමු වර කියවීමෙන් සතියකට පසු (ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් නොවුණ හොත්) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව හැකියාව පවතිනවා.
විසිදෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවුණා. ඉන් අනතුරුව පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් පසුගිය ජුනි මස 24 වෙනිදා ප්‍රකාශයට පත් කෙරුණා.
ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට පාලන කටයුතු සඳහා සම්බන්ධවීමට ඇති හැකියාව මෙම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් අවහිර කරනු ලැබ තිබීම විශේෂත්වයක්.
එසේම වෙනත් රටක පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීම සිදු නොවිය යුත්තක් බවද එම සංශෝධනයේ සඳහන්.
ස්වකීය අත්සන මගින් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඉල්ලා අස්වුවහොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුණහොත් අග්‍රාමාත්‍යවරයා සිය ධුරය දැරීමට නුසුදුසු බවද එහි දැක්වෙනවා.
යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය සක්‍රියව පවතින්නේද එතෙක් අග්‍රාමාත්‍යවරයා සිය ධුරය දරන බවද විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන්.
මෙම පනත ක්‍රියාත්මක වන දිනයෙන් ආරම්භ වන සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත කාල පරිච්ඡේදයේ අග්‍රාමාත්‍යවරයා කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය අහිමි වී ඇති බවට ජනාධිපතිවරයාගේ මතය වන්නේ නම් අග්‍රාමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කළ හැකි බවද එහි දැක්වෙනවා.
ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගෙන් නොවිමසා යම් පත් කිරීමක් හෝ විෂය සහ කාර්ය පැවරීමක් හෝ වෙනස් කිරීමක් නොකළ යුතු බවද සඳහන්.
අමාත්‍යවරයකු අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව ජනාධිපතිවරයා ගේ අත්සන යටතේ යවනු ලබන ලිපියක් මඟින් ඉවත් කළ හැකි බවත් ඕනෑම අමාත්‍යවරයකුට ජනාධිපතිවරයාට යවන සිය අත්සන සහිත ලිපියක් මගින් ධූරයෙන් ඉල්ලා අස් විය හැකි බවත් සඳහන්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන්නේ නම් ඔහුට හෝ ඇයට කැබිනට් කැබිනට් නොවන හෝ නියෝජ්‍ය අමාත්‍ය ධූරය අහිමි වන බව ද ව්‍යවස්ථා සංශෝධනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39