hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2022 ජූලි 13, ප.ව. 2:59



ජනාධිපතිවරයා මීට සුලු මොහොතකට පෙර තමන්ට දුරතනයෙන් කතා කරමින් කලින් සැලසුම් කළ පරිදිම තමන් අද(13) ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියා.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනය තුළ කතානායකවරයා වෙත ලැබෙන්නට සලස්වන බවද ප්‍රකාශ කළ බව කතානායකවරයා දැනුම් දුන්නා.

පසුව පාර්ලිමේන්තුව තුළ සැලසුම් කළ වැඩපිළිවෙල මේ මස 20 වැනි දින නව ජනාධිපතිවරයකු පත් කර ගත් පසු අවසන් වන බැවින් එතෙක් ජනතාවට සාමදානව සිටින ලෙසත් කතානායකවරයා ඉල්ලීමක් කරනවා.

එම වීඩියෝව පහතින්,

https://youtube.com/watch?v=4mIfKR–a6M





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: