hit counter

2026 පෙබරවාරි මස 02 වන සඳුදා

2022 මැයි 17, පෙ.ව. 11:50



නියෝජ්‍ය කතානායකවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා අද(17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් තේරී පත් වුණා.

ඒ අනුව අජිත් රාජපක්ෂ මහතාට හිමිවූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 109ක් බවත් රෝහිණී කවිරත්න මහත්මියට ඡන්ද 78ක් හිමිවූ බවත් අවලංගු වූ ඡන්ද සංඛ්‍යාව 23ක් බවත් කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රෝහිණී කවිරත්න මහත්මියව නියෝජ්‍ය කතානායක ධූරයට යෝජනා කළ අතර එම යෝජනාව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථීර කරනු ලැබුවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළා.