hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 අප්‍රේල් 25, ප.ව. 1:27



පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අවස්ථාවේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා ප්‍රශ්න ඉදිරිපත් කිරීමට වේලාව ඉල්ලා සිටීමත් සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වුණා.

එහිදී රාසමානික්කම් මහතා විටින් විට නැගිට ආවේගශිලිව අදහස් ඉදිරිපත් කරනු ලැබුවා.

ඔහුගෙන් පසු විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අදහස් දක්වමින් මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතාව විවේචනය කළා.

එහිදී අලි සබ්‍රි මහතා කියා සිටියේ තමන් කිසිම අවස්ථාවක මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී නොසිටි බවත් තමන් ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටි බවත්ය.

මේ රට ගොඩ නැගීමට නම් ලාංකිකයන් ලෙස එකතු විය යුතු බවත් පෙන්වා දුන්නා.