hit counter

2025 ජනවාරි මස 03 වන සිකුරාදා

2022 මැයි 15, පෙ.ව. 10:38



නව ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධූරය භාර ගත නොහැකි බව හිටපු මුදල් ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (14)පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ද සබ්රි මහතා මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

තමා ආණ්ඩුවට සහාය දෙන බවත් එහෙත් මුදල් ඇමති ධුරය භාර ගැනීමට සූදානම් නැති බවත් ඔහු එහිදී ප්‍රකාශ කර ඇතැයි පැවසනෙවා.

එම හමුවෙන් පසු මාධ්‍යයට අදහස් පළ කරමින් හිටපු අමාත්‍ය එස්.එස් චන්ද්‍රසේන මහතා පැවසූවේ ආණ්ඩුවට බහුතරය ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවයි.

ඒ අනුව පොදුජන පෙරමුණේ ස්වාධීන නොවූ සියලු දෙනා ආණ්ඩුවට සහය දෙන බවත් ස්වාධීන වූ දහයේ කණ්ඩායමත් සහය දෙනු ඇතැයි ඔහු සඳහන් කළා.

විශේෂයෙන් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් සමඟත් විපක්ෂයේ පිරිසක් සමඟත් සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට බාර දුන් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.