hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූනි 07, පෙ.ව. 8:41



ඊයේ දිනයේ (6) ITN නාලිකාවේ සංවිධානය කර තිබූ අනුර-සජිත් විවාදය සඳහා සහභාගී වූයේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පමණි.

වැඩසටහන ආරම්භයේදී අනුර කුමාර දිසානායක පැවසූවේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාට විවාදය සඳහා සහභාගී වීමට තවදුරටත් අවස්ථාව පවතින බවත් සජිත් ප්‍රේමදාස සහභාගී වේ නම් තමා එළිවෙනකම් හෝ බලා සිටීමට සූදානම් බවත්ය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා දුරකථනයටහෝ ප්‍රතිචාර නොදක්වා සිටිනා බව ITN කාර්ය මණ්ඩලය පැවසූ අතර එතුමා නොපැමිණීම මත විවාදය සංවාදයක් ලෙස වෙනස් කිරීමට තීරණය විය.

එහිදී අනුර කුමාර දිසානායක සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා වෙත අනතුර අඟවමින් කියා සිටියේ තවදුරටත් විවාදය පිළිබඳ කයිය ගැසීමෙන් වළකිනා ලෙසයි.

“සජිත් නැති නිසා අපි මේ විවාදය ගැන නැවත සාකච්ඡා කිරීම හෝ එතුමා ගැන කතා කිරීම සාධාරණ නෑ. එතුමන් නෑනේ අනිවාර්යෙන් එහෙමනම් අපිට අද මේක මුකුත් කරන්නෑ කියලා මෙතනින් අවසන් කරගන්න පුළුවන්, එහෙම නැත්නම් මගේ තව යෝජනාවක් තියෙනවා ඔබතුමාලාත් එයා ටයිම් එක වෙන් කරලා තියෙනවා, මමත් කාලය වෙන් කරලා තියෙනවා, අවුරුදු තුන හතරකට පස්සේ මම මේ නාලිකාවට ආවෙත්, ඒ නිසා අපිට අර ඔබ කිව්වා විවාදයක් වෙනුවට අපි අතර සංවාදයක් කරමු.

නමුත් මෙතනින් එහාට ආයෙ විවාද ගැන කතාකරන්න එපා, අද ඕනෙනම් එලිවෙනකම් වෙලාව තියනවා එතුමට එන්න, මම එලිවෙනකම් හෝ ඉන්නම්, එතුමා නොනිදන නායකයා නිසා එන එක ප්‍රශ්නයකුත් නැතිවෙයි, හැබැයි අපිනම් නොනිදන නායකයෝ නෙවේ, මම හොඳට නිදාගන්න කෙනෙක්. ආයෙ ඉස්කෝලවලට ගිහිල්ලා බයද සැකද චන්ඩිද කියලා පාට් දාන්න එපා. මම මේ කරුණාකරලා කියන්නේ, මේක ලෙඩක්, මෙතනින් පස්සේ එතුමා එක්ක මට විවාදයක් නෑ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: