2024 පෙබරවාරි 05, පෙ.ව. 8:32
ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අද (05) අලුයම ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළා.
අනුර කුමාර දිසානායක මහතා සමග එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සහ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් මෙම සංචාරය සදහා එක් වී සිටියා.
මෙම පිරිස අද (05) අලුයම 04.41 ට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 284 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගියා.
මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවේ වේලාවෙන් 02/05 දින උදෑසන 07.55 ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ලගා වීමට නියමිතයි.
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18