hit counter

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 28, ප.ව. 3:14



ජාතික ජන බලවේගය විසින් කොළඹ නගර ශාලාව ප්‍රදේශයේ පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන අවස්ථාවේ තමන් ඒ අසල තිබූ කඩයක් ඇතුලට ගියේ ආරක්ෂාව සඳහා බව ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කරනවා.

තමන් පමණක් නොව තමන් සමඟ සිටි පිරිසක් ද එම අවස්ථාවේ එම ක්‍රියාමාර්ග එකක් බවද හෙතෙම සඳහන් කළා.

එම සිදුවීම සිදු වූයේ පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර දිගින් දිගටම එල්ල කරමින් සිටි අවස්ථාවේ එය නවත්වන්නැයි පොලිසියට පවසන්නට තමන් ගිය අවස්ථාවේ පොලිසිය විසින් එම ස්ථානයට ප‍්‍රහාර එල්ල කල අවස්ථාවේ ආරක්‍ෂාව සදහා එම පියවර ගත් බවත් මන්ත‍්‍රීවරයා පැවසුවා.