2023 ජූනි 28, පෙ.ව. 9:30
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේවන විට ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින්ගේ හමු කිහිපයකට සහභාගී වී තිබෙනවා.
පසුගිය 22 වැනිදා දිවයිනෙන් ඔහු ඕස්ට්‍රේලියාව බලා පිටත්වූ අතර ඊයේ(27) පර්ත් නුවර දී ශ්‍රී ලාංකිකයින්ගේ හමුවක් ඇමැතීමට කටයුතු කර තිබුණා.
මන්ත්‍රීවරයාගේ ඔස්ට්‍රේලියා සංචාරය සඳහා ගුවන් සමාගම් දෙකක ටිකට් පත් සූදානම් කර තිබූ අතර ඔහුට නවාතැන් ගැනීම සඳහා හෝටල් දෙකක්ද සූදානම් කර තිබූ බව වාර්තා වනවා.
නමුත් ආරක්ෂක හේතූන් මත මිතුරෙකුගේ පෞද්ගලික නිවසක නවාතැන් ගැනිමට මන්ත්‍රීවරයා තීරණය කර තිබූ බවයි වාර්තා වන්නේ.
අනුර කුමාර මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂක සේවාවක සහායද ලබාගෙන තිබූ බව ඔස්ට්‍රේලියාවේ ජවිපෙ සාමාජිකයින් සඳහන් කළා.
මන්ත්‍රීවරයා සහභාගී වන සමුළුවට ඔහු කැඳවාගෙන යාම සඳහා පාක්ෂිකයින්ගේ සහභාගීත්වයෙන් ආරක්ෂක වලල්ලක්ද නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම සංචාරයේදී අනුර කුමාර මන්ත්‍රීවරයා ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්තවලද සංචාරය කිරීමට නියමිතය.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36