2023 ජනවාරි 19, ප.ව. 5:31
“මන්ත්‍රීවරුන්ට පඩි වැඩි කරන්න බැරිනම් සියයට 50කින් අඩු කරන්න. අපි ඒකට එකඟයි. හරි අඩකින් බැරිනම් සියයට 75කින් අඩු කරන්න. අපි ඒකටත් එකඟයි.” බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවා.
ජනතාවට තමාගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට පාරට බහින්න ඉඩ දෙන්නේ නැති ආණ්ඩුව ඔවුනට තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම සඳහා කතිරය ගැසීමටත් අද ඉඩ නොදෙන බවද ඒ මහතා සඳහන් කළා.
රනිල් වික්‍රමසිංහ ගහන සියලු දහම්ගැට පරාජයට පත් කරන බවද ඔහු කියා සිටියා.
දිසානායක මහතා මෙසේ පැවසුවේ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීයි.
“මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවක ඒකට අවහිර වෙන්න අලුත් නීති සම්මත කරනවා. ගෝඨාභය රාජපක්ෂට ව්‍යවස්ථාවේ බලතල ජනවරමකින් ලැබිලා තිබුණා. නමුත් ජනතාවගේ විශාල නැගිටීම් හරහා ඒ සියල්ල සුනුවිසුනු වී ගියා. මන්ත්‍රීවරුන්ට පඩි වැඩි කරන්න බැරිනම් සියයට 50 කින් අඩු කරන්න. අපි ඒකට එකඟයි. හරි අඩකින් බැරිනම් සියයට 75කින් අඩු කරන්න. අපි ඒකටත් එකඟයි.”
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39