hit counter

2024 ජූලි මස 06 වන සෙනසුරාදා

2024 ජූනි 08, පෙ.ව. 12:04



ජනාධිපතිවරණයක් අබියස සිටින රටේ ජනතාවට වැදගත් වන්නේ අපේක්ෂකයන්ගේ දැක්ම පිළිබඳව අදහස් දැන ගැනීම් බව ජාතික ජන බලවේග නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

එනිසා සමගි ජන බලවේගය ආර්ථික කමිටුව සමඟ නව සංවාදයක් කිරීමට ඉතිරි වී නැති බවත් එම පක්ෂයේ ආර්ථික කණ්ඩායම යනු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික කණ්ඩායමම බව මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

රටේ ජනතාවට වැදගත් වන්නේ අපේක්ෂකයින්ගේ දැක්ම බවත් මෙම විවාදය ආන්දෝලනයට ලක්වුනේ සජිත් ප්‍රේමදාස සහ තමන් අතර විවාදයක් නිසා බවද මන්ත්‍රී අනුර කුමාර දිසානායක සදහන් කරයි.

ස්වාධීන රූපවාහිනියේ තුලාව වැඩසටහනට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: