hit counter

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 25, පෙ.ව. 5:43



ජනතා විමුක්ති පෙරමුණේ නැගීම වැළැක්වීම සඳහා මැතිවරණය කල් දමන්නැයි විපක්ෂයේ පක්ෂ ඉල්ලා සිටි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ යැයි ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා සඳහන් කළා.

එසේ නම් ඡන්දය කල් දමන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටියේ කවුදැයි ජනාධිපතිවරයා විසින් රටට හෙළි කළ යුතු බවද හෙතෙම පැවසූ ඔහු මැතිවරණ කල් දැමීමට ජනාධිපතිවරයා කවුදැයි එතැනදී ප‍්‍රශ්ණයක් පැන නගින බවත් පැවසුවා.

මීට කලින් පාර්ලිමේන්තුවේදී මැතිවරණය කල් දමන ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා සිටි බව විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරන ලද බවද දිසානායක මහතා සඳහන් කළා.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනහමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කර සිටියා.