2022 ඔක්‍තෝබර් 13, පෙ.ව. 9:11
 
            
යූරියා පොහොර ටෙන්ඩරය පිළිබඳ විවේචන ඉදිරිපත් කළ පාර්ශවවලට සාකච්ඡාවක් සඳහා ආරාධනය කළත් එම පාර්ශව සහභාගී නොවීම සම්බන්ධව කණගාටුව පළ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.
2022/23 මහ කන්නය සඳහා මිල දී ගැනීමට යෝජිත යූරියා පොහොර ටෙන්ඩරය සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළ පාර්ශවවලට ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහභාගී වන ලෙස ආරාධනය කළ බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පෙන්වාදුන්නේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ට මේ පිළිබඳ කතා කරන්නට එන්නැයි ලිපි ඉදිරිපත් කළ බවද ඔහු කියා සිටියා.
මෙම සාකච්ඡාව කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පෙරේදා (11) දවල් 12ට කැඳවා තිබුණා.
මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර සඳහා මුලින්ම ඉදිරිපත් කළ ටෙන්ඩරය අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 12,700ක් ඉදිරි සති 02 ඇතුළත ලැබෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.
 
                                                        2025 මැයි 22, ප.ව. 1:15
 
                                                        2025 මැයි 21, ප.ව. 3:30
 
                                                        2025 මැයි 21, ප.ව. 12:30
 
                                                        2025 මැයි 20, ප.ව. 8:01
 
                                                        2025 මැයි 20, ප.ව. 6:18
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
01-11-25
 
                                            01-11-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25