hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 23, පෙ.ව. 6:05



පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රානාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවකු වශයෙන් සේවය කර නොමැති බව ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමුවන්ගේ සංසදය පවසනවා.

ඒ බව තහවුරු කරන කිසිදු තොරතුරක් තම සන්තකයේ නොමැති බවද එම සංසදය පෙන්වා දෙනවා.

එම සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ඉකුත් මැයි 19 දින පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සංසදය වෙත විමසීම් ලැබෙමින් තිබෙන බවයි.

පසුගිය 09 වනදා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී මැර පිරිසක් විසින් සිය නිවසට ගිනි තැබීම හේතුවෙන් තම නිවස සහ ගුවන් හමුදාවේ පියාසර කළ ලිපි ඇතුළු වැදගත් ලියවිලි විනාශ වූ බව අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන් මෙම නිවේදනය සිදු කර තිබෙනවා.

එහිදී හෙළිවුයේ මන්ත්‍රීවරයා ගුවන් නියමුවන් බඳවා ගැනීමේ ශක්‍යතා පරීක්ෂණයට මුහුණ දීමට සහභාගිවී තිබෙන බවත් එහිදී ඔහු ඉන් අසමත් වී ඇති බවත්ය.

ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමුවන්ගේ සංසදයේ නිවේදනය පහතින්,

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය |  NEWS 19