hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූනි 13, පෙ.ව. 10:07



එක්සත් ජාතික පක්ෂය ලබන ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන්නේ දැයි පක්ෂයක් වශයෙන් මේ දක්වා තීරණයක් ගෙන නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා ඊයේ (12) පැවැසුවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව එජාපයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන් දැයි තීරණය කරන බවද හෙතෙම සඳහන් කළා.

ලබන වසරේ නොවැම්බර් වන විට අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්වෙන බව පැවැසූ හෙතෙම, එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ සමඟින් සන්ධානයක් වශයෙන් එම මැතිවරණයට මුහුණ දෙන බව ප්‍රකාශ කර සිටියා.

සිරිකොත එජාප මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  මාරසිංහ මහතා මේ බව සඳහන් කළා.

තමා ඇතුළු පක්ෂයේ බොහෝ දෙනකු ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයේ සිටින බවත්, ඒ අනුව බොහෝ විට ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ වීමට ඉඩ තිබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එක්සත් ජාතික පක්ෂය වැඩසටහන් සංවිධානය කරමින් සිටින බවද හෙතෙම පැවසුවා.