hit counter

2025 මැයි මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 05, ප.ව. 6:36



ප්‍රාදේශීය සභා ලෙස වර්තමානයේ පවතින්නේ පැරණි ගම්සභා ක්‍රමය බැවින් යළි එම ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා.

අද (05) පාර්ලිමේන්තුවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළ අතර බොහෝ වැරදි සඳහා ගම තුළම නඩු අසන ක්‍රමවේදයක් හරහා ඒවා විසඳා ගැනීමට අවශ්‍ය කටයුතු සැකසිය යුතු බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

ගම්සභා ක්‍රමයට සමාන ක්‍රමවේදයක් වර්තමානයේ ඉන්දියාවේ ද පවතින අතර එය ඉතා සාර්ථක ක්‍රමවේදයක් බවයි උන්වහන්සේ කියා සිටියේ.