2022 දෙසැම්බර් 20, ප.ව. 6:43
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බලය තහවුරු කර ගෙන තිබූ කුරුණෑගල මහ නගර සභාවේ අයවැය පරාජයට පත් වී තිබෙනවා.
අද (20) නගරාධිපති තුෂාර සංජීව විතාරණ විසින් අයවැය සභාවට ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.
අයවැය පිළිබඳව අදහස් දැක්වූයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු පමණක් බවයි වාර්තා වන්නේ.
වැඩි දෙනෙකු නගර සභාව පසුගිය වසර කිහිපය තුළ ගත් තීන්දු තීරණ අසාර්ථක බව පවසා ඇති අතර වංචා හා දූෂණ චෝදනා එල්ල වූ බව ද ප්‍රකාශ කර තිබෙනවා.
නගරාධිපතිවරයාගේ ස්තුති කතාවෙන් පසු ඡන්ද විමසීම සිදු කර ඇති අතර එහිදී සභිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත කුරුණෑගල මහ නගර සභාවේ 2023 අයවැයට පක්ෂව ඡන්ද 7ක් ද විපක්ෂව ඡන්ද 14ක් ලබා ආණ්ඩු පක්ෂය පරාජයට පත් වී තිබෙනවා.
පොදු ජන පෙරමුණ බලය තහවුරු කර ගෙන තිබූ කුරුණෑගල මහ නගර සභාව සිය නිල කාලය තුළ අයවැයක් පරාජයට පත් වූ පළමු අවස්ථාව එය බව වාර්තා වෙනවා.
ආණ්ඩු පක්ෂය නියෝජනය කළ රජිත ජයවර්ධන, හිටපු නගරාධිපති ගාමිණී පෙරමුණ සහ මෙතෙක් කල් ආණ්ඩු පක්ෂයට සහයෝගය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයා ද අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ෂෙල්වනායගී මන්ත්‍රීවරිය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබූ කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා බිඳ දැමීම සම්බන්ධයෙන් ද කුරුණෑගල මහ නගර සභාවට චෝදනා එල්ල වුණු අතර එවකට නගරාධිපති ධූරය දරනු ලැබුවේ ද තුෂාර සංජීව විතාරණ විසින්.
13 වන සියවසට අයත් කුරුණෑගල යුගයේ ඉදි කළ බව කියන කුරුණෑගල පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලක් ඩෝසර් යන්ත්‍ර යොදා කඩා ඉවත් කර තිබුණේ 2020 වසරේ ජූලි 14 වන දායි.
කුරුණෑගල රාජධානි සමයේ රාජ සභාව පැවති බව කියන මෙම ගොඩනැගිල්ලේ පසුකාලීනව හෝටලයක් පවත්වාගෙන ගොස් තිබුණා.
මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා එවකට පවසා තිබුණේ, මහා මාර්ග පුළුල් කිරීමේ කටයුත්තක් සඳහා මෙම ගොඩනැගිල්ල පිහිටි භූමිය පවරා දී තිබූ බවයි.
2024 දෙසැම්බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39