hit counter

2025 පෙබරවාරි මස 10 වන සඳුදා

2023 ජූලි 01, ප.ව. 2:21



පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් බණ්ඩාර මහතා අද (01) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අදහස් දක්වමින් සිටි අතරවාරයේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නියෝජ්‍ය කතානායකවරයාගෙන් තමාගේ කතා කිරීමේ වාරය සම්බන්ධයෙන් විමසා සිටියා.

“මේ කථික ලැයිස්තුවේ දැන් මම උදේ එළි වෙච්ච වෙලේ ඉදන් බලාගෙන ඉන්නවා මේ කතා කරලා ඉවර වෙනකන්. මේකේ ලැයිස්තුවේ නම දාලා තියෙන විදිහට අනවුන්ස් කරන්න ඕනේ.” යනුවෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

පසුව නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ “ඔබතුමාගේ නම තියෙන්නේ ගරු ඇමතිතුමා අටවෙනියට තියෙන එක හත්වෙනියා කරලා තියෙනවා. දැන් කතා කරන්නේ පස් වෙනියා.” යනුවෙනුයි.

“මට නමට ඉස්සෙල්ලා තිබුණේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ නම” යනුවෙන් නැවතත් ගුණවර්ධන මහතා කියා සිටියා.

නියෝජ්‍ය කතානායකවරයා – “විජේදාස ගරු මන්ත්‍රීතුමාගේ නම තියෙන්නේ 7 වෙනියට.”

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා – “විටින් විට එක එක්කෙනාට ඕන විදිහට හදා ගන්නවා ඇති.”

නියෝජ්‍ය කතානායකවරයා : “නෑ මේ මේ ලේඛනයේ කිසිම වෙනසක් කරලා නෑ. ඒකමයි තියෙන්නේ.”