hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 09, පෙ.ව. 11:24



හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අමාත්‍යවරුන්ගේ පක්ෂ තහනම නිවැරදි බවට වන ශේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයන් අහෝසි වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශකයෙකු කියා සිටියා.

අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියට ලැබුණු පසු ඇය විසින් මෙම මන්ත්‍රීධූර හිස් වී ඇති බවට මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට නියමිතව තිබෙනවා.

හරීන් ප්‍රනාන්දු සජබ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් වන අතර මනුෂ නානායක්කාර සජබ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයෙක්
ඒ අනුව ජාතික ලැයිස්තුවේ හිස් වන මන්ත්‍රී අසුනට පක්ෂ මහ ලේකම්වරයා විසින් සුදුස්සෙකු පත්කර එවිය යුතු අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සජබ පාර්ලිමේන්තු මහ මැතිවරණ මනාප ලැයිස්තුවේ ඊලගට සිටින පුද්ගලයා නව මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දීම සිදුවීමට නියමිතයි.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සජබ මනාප ලැයිස්තුවේ ඊලගට සිටින්නේ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ වන අතර ඔහු මනාප 34897ක් ලබා ගනිමින් පරාජිත ලැයිස්තුවේ පලමු වැනියා ලෙස සිටියා