hit counter

2025 අගෝස්‍තු මස 02 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 15, ප.ව. 5:44



අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, “අපේම ආණ්ඩුවක් පිහිටවන්න සුදානම් වෙමු…” යනුවෙනි.

එය නිසැකයෙන්ම එඩිතර ආණ්ඩුවක් බවට පත්කර ගැනීමට සියලුදෙනාම එක්විය යුතු බව ද අවධාරණය කර සිටි බැසිල් රාජපක්ෂ මේ රටේ ජනතාව මරණ බියෙන් ගලවා ගත් එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණක් බව ද අවධාරණය කළේය.

නොයෙක් තර්ජන මද්දයේ සමුළුවට පැමිණි සියලුදෙනාටම ස්තූතිය පළ කර සිටි බැසිල් රාජපක්ෂ ආරක්ෂාකාරීව ගම්බිම් බලා පිටත්ව යනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එයට අවශ්‍ය ආරක්ෂාව යොදවා ඇති බවත් පැවසීය.

“ඒ වගේම මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණා කරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න සමාජ මාධ්‍ය බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු. ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕන නම් සුදානම් කියන එක කියනවා. පාරේ දුවන බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමා අපිත්. අපිට ගහන්න එපා ගල්. අපි බලාගන්නවා…”