hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 21, ප.ව. 3:38



හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පිළිගැනීම සදහා ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ තවත් අයෙකු කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද(21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එනිසා ඔහු වහාම එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවද හෙතෙම පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

කිසිම මහජන නියෝජිතයෙක් නොවන බැසිල් රාජපක්ෂ මහතාට ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තය ලබාදීමත් පොලිස් ආරක්ෂකයන් ලබාදීමත් සම්බන්ධයෙන් පැහැදිලි කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා කියා සිටියේ බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනයෙන් විපක්ෂය වියරු වැටී සිටින බවකි.