2022 ජූලි 20, පෙ.ව. 9:17
පසුගිය ජූලි 09 වනදා අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරය වටලන මොහොතේ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාත් ජනපති මන්දිරයේ කාමරයක් තුළ සිට ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
ජනාධිපති මන්දිරයට ඇතුළුවීම සඳහා අරගලකරුවන් ආරක්ෂක අංශ යොදා තිබූ ආරක්ෂක වැට කඩා ගෙන එන අතරතුර විදේශ කටයුතු අමාත්‍යාංශය දෙසින් පිටව ගිය බවයි අනාවරණය වන්නේ.
ඒ අරගලකරුවන් ජනපති මන්දිරයට කඩා වැදීමට පැය භාගයකට පෙරයි.
ආරක්ෂක ලේකම්වරයා හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ද, පොලිස්පතිවරයාද අවසන් මෙහොත වනතෙක් ජනපති මන්දිරයේ මෙහෙයුම් මැදිරිය තුළ ආරක්ෂක අංශ මෙහෙයවා තිබුණා.
ජනාධිපතිවරයා මන්දිරයේ දෙවැනි මහලේ සිට විදුලි සෝපානයෙන් නාවික හමුදා මූලස්ථානයට රැගෙන ගොස් රණබාහු නෞකාවෙන් ත්‍රිකුණාමල වරායට රැගෙන ගොස් තිබුණේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යටතේ බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36