2023 පෙබරවාරි 10, පෙ.ව. 9:32
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පෙරළා දමා රාජපක්ෂවරුන් බලයෙන් පහකිරීමේ සිදුවීම් මාලාව පසුපස බෝර්න් අගේන් ආගමික කණ්ඩායමක කුමන්ත්‍රණයක් ද පැවති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මොහොතේ ඇතිවූ ජනතා නැගිටීමේදී ජනතාවගෙන් යම් කොටසකගේ සැබෑ විරෝධයක් ද පැවති නමුත් ඒ පිටුපස විවිධ කණ්ඩායම් කිහිපයක්ම ක්‍රියාත්මක වූ බවයි ඒ මහතා සඳහන් කළේ.
බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමින්.
“ජනතාවගේ ඇත්ත විරෝධයකුත් තියෙන්න ඕනෙ කොටසකගේ හෝ. හැබැයි ලෝකයේ බලන්න, අරාබි වසන්තය වගේ එකක් ලිබියාවේ එද්දී තිබිච්ච තත්වය. ප්‍රශ්න තිබුණෙ නෑ එහෙ ජනතාවට. ඔවුන්ට නිවසක් රජයෙන් දීලා තිබුණා, වාහනයක් දීලා තිබුණා, ලෝකයේ ඕනෙම අධ්‍යාපනයක් විශ්ව විද්‍යාලයකට ගිහිල්ලා ලබන්න රජයෙන් මුදල් සැපයුවා, ලෝකයේ හොඳම ඉස්පිරිතාලවලට යන්න අවස්ථාව තිබුණා, ඒත් මහපාරේ බෝක්කුවක් යට ගඩාෆිව මරලා දැම්මා. ඒ වගේ තමයි බලන්න ඉරාකයේ. සදාම් හුසේන්ව බලයෙන් පහකළා. එවෙලෙත් ජනතාව නැගිට්ටා. ඉතින් මේ ජනතා නැගිටීම් සමස්ත ජනතාවගේ නැගිටීමක් නොවෙන්න පුළුවන්. ඒ නැගිටීම පවා සැලසුම් කරන්න පුළුවන් එක්තරා පිරිසකට”
“මෙහෙම එකක් තියෙනවා. ලෝකයේ විවිධ රාජ්‍යයන් තියෙනවානෙ. කතෝලික රාජ්‍යයන් තියෙනවා, මුස්ලිම් රාජ්‍යයන් තියෙනවා, බෞද්ධ රාජ්‍යයන් තියෙනවා. හැබැයි තවම ලෝකයේ බෝර්න් අගේන් ආගම අදහන කණ්ඩායමට රාජ්‍යයක් නෑ. ඉතින් ඒ කට්ටිය සැලසුම් කරලා තිබුණා ඒ බෝර්න් අගේන් රාජ්‍යය ශ්‍රී ලංකාවේ හැදිය යුතුයි කියලා. මම දන්න විදියට එක කණ්ඩායමක්. අපේ දේශපාලනයේදී අපට පෙනිච්ච එකක් තමයි එහෙම කණ්ඩායමක් හිටියා. ඊළඟට තව කට්ටියක් හිටියා අපි මේ රටෙන් ත්‍රස්තවාදය තුරන් කරපු නිසා ඒ ත්රස්තවාදයට උදව් කරපු කණ්ඩායම් සහ ඒ යම්යම් විදියක ජන කණ්ඩායම් ඒකට සම්බන්ධ වෙලා තිබුණා. ඊළඟට පාස්කු ප්‍රහාරය නිසා පොදුවේ රජයත් එක්ක තරහා වෙච්ච තවත් කණ්ඩායම් හිටියා. ඒ වගේම තවත් විශාල පිරිසක් හිටියා කොවිඩ් කාලේ භූමදානය කරන්න නොදීපු නිසා තරහා වෙච්ච අය. ඊළඟට අර කාබනික පොහොර ප්රශ්නය නිසා තරහා වෙච්ච අය හිටියා. ඉතින් ඔය වගේ ගොඩාක් කොටස් හිටියා. ඊට අමතරව තවත් විනාශකාරී පිරිසක් තුන්වෙනි පෙළ හැටියට හිටියා. ඒ කියන්නෙ අපි දන්නවා ලෝකයේ පොල්පොට් පාලනය ඇතිවෙච්ච වෙලාවේ ඒ කට්ටිය විශාල පිරිසක් ඝාතනය කළා, විශාල දේපළ ප්‍රමාණයක් විනාශ කළා. එහෙම කට්ටියකුත් මෙතන හිටියා”
2024 ඔක්තෝබර් 14, පෙ.ව. 11:21
2024 ඔක්තෝබර් 14, පෙ.ව. 11:04
2024 ඔක්තෝබර් 12, ප.ව. 3:56
2024 ඔක්තෝබර් 12, ප.ව. 3:17
2024 ඔක්තෝබර් 11, ප.ව. 10:26