hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 ජූලි 27, ප.ව. 2:55



ඊයේ (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවත්විණි.

මෙහිදී ජනාධිපති අපේක්ෂකත්වය පිලිබදව හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධානය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මෙහිදී ජනාධිපතිවරයා විසින් පලාත් පාලන ආයතන සදහා සියයට තිහක් පලාත් සභා සදහා සියයට තිස් පහක් හා පාර්ලිමේන්තුව සදහා සියයට හතලිහ බැගින් කෝටාවක් ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව ප්‍රකාශ කරන ලද අතර මෙහිදී බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන සදහා සියයට අනූවක් පාර්ලිමේන්තුව සදහා සියයට හැත්තෑවක් සහ පළාත් සභා සදහා සියයට හැත්තෑවක් ඉල්ලා ඇත.

මෙම සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වූ අතර මේ ඉරිදා නැවත ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: