hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 ජූනි 29, පෙ.ව. 10:57



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ අභ්‍යන්තර සාකච්ඡා වට කිහිපයක් අද (29) සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණු මූලස්ථානයේදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කාන්තා හා තරුණ සංවිධාන, වෘත්තීය සමිති, පළාත් පාලන සංසදයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡා සඳහා සහභාගි වන බවයි වාර්තාවන්නේ.

රටේ වත්මන් අර්බුද විසඳීමට ගත හැකි පියවර හා පක්ෂය බලගැන්වීම් ඇතුළු රටේ ප්‍රධාන කාරණා රාශියක් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කරනු ඇතැයි පැවසෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: