hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 දෙසැම්‍බර් 21, ප.ව. 1:53



පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක තනතුර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට ලබාදීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා දැඩි විරෝධය එල්ල කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙවර සම්මේලනයේදී සහ විධායක සභාවේදී නාමල් රාජපක්ෂ මහතා එම තනතුර සඳහා යෝජනා කිරීමට නියමිතව තිබුනද පැවති විරෝධය හමුවේ එම යෝජනාව අනුමත කිරීම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවද වාර්තා වේ.

බැසිල් රාජපක්ෂ මහතා විදේශගතවන නිසා පක්ෂයේ විධායක සභාවද දීර්ඝ කාලයකට පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී පසුගිය සෙනසුරාදා රැස්වුණා.

එහිදී පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා පමණක් නම් යෝජනා වූ අතර ජාතික සංවිධායක තනතුර හිස්ව තැබීමට යෝජනා කිරීමද විශේෂත්වයකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: