hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 19, පෙ.ව. 10:53



කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද (19) දිවුරුම් දීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි සහ ජීවන තොණ්ඩමන් මෙලෙස දිවුරුම් දීමට නියමිතයි.

මීට අමතරව පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරු 8 දෙනෙකු ඉදිරි දින කිහිපය ඇතුළතදී දිවුරුම් දීමට එකඟතාවක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

එම කණ්ඩායමට ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළත්ව ඇති බවද දැනගන්නට තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: